ඉරානයේ විදුලි බලාගාර සහ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති තර්ජනයත් සමඟ, දෙපාර්ශවයම දැන් ජාත්‍යන්තර නීතිය හුවා දක්වමින් එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින බව NBC පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් අද (අප්‍රේල් 08) ප්‍රකාශ කළේ, අමෙරිකානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඉරාන රජය විසින් සිය සිවිල් වැසියන් බලාගාර සහ වැදගත් ස්ථාන අසලට රැස් කරමින් “මානව පලිහක්” (Human shields) ලෙස භාවිත කරන බවයි. මෙය “සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී” (Totally illegal) ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය. ඉරාන නිලධාරීන් විසින් සිය වැසියන් දිරිමත් කර ඇත්තේ අමෙරිකානු තර්ජන පවතින ස්ථාන අවට රැස්වන ලෙස වන අතර, එය ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ උපක්‍රමයක් බව අමෙරිකාව පවසයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීති විශේෂඥයින් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ ස්ථාවරය ද නීතිමය ගැටලුවලට ලක්විය හැකි බවයි. පැහැදිලි යුදමය ඉලක්කයක් (Military target) නොවන සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ඔවුන් අනතුරු අඟවයි. මේ අනුව, දෙපාර්ශවයම යුදමය වශයෙන් සන්නද්ධ වන අතරම, තමන් කරන ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටියි.
මෙම නීතිමය අර්බුදය හමුවේ වුවද කලාපීය යුදමය උණුසුම අඩුවීමේ ලකුණක් නොපෙනෙන අතර, පකිස්ථානය මැදිහත් වී ඉල්ලා ඇති සති දෙකක සහන කාලය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
තොරතුරු උපුටා ගැනීම: NBC news, reuters සහ mario nawfal(x) ඇසුරින්














