අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති ‘අවසන් හෝරාව’ (Deadline) එළඹීමට පැය කිහිපයකට පෙර සිටම ක්‍රියාත්මක වූ ඒකාබද්ධ හමුදා, ඉරානයේ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අතිදැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඉරානයේ ඉස්ෆහන් (Isfahan) පළාතේ විලාෂාර් (Vilashahr) ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි භූගත මිසයිල නිෂ්පාදන සහ ගබඩා පද්ධති මෙහි ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති අතර, පොළොව යට ගැඹුරට විහිදුණු කොන්ක්‍රීට් ස්ථර විනිවිද යන “බංකර් බස්ටර්” (Bunker-buster) බෝම්බ භාවිත කරමින් එම මධ්‍යස්ථාන විනාශ කිරීමට පියවර ගෙන ඇත. ඉරාන මිසයිල ජාලයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මෙම කලාපයට එල්ල වූ ප්‍රහාරවලින් එරට මිසයිල දියත් කිරීමේ හැකියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ අතර, ඉරානයේ අගනුවර වන තෙහෙරාන් (Tehran) නුවරට ද රැල්ලෙන් රැල්ලට (Waves) ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, නගරය පුරා ස්ථාන කිහිපයකින් අතිදැවැන්ත පිපිරීම් හඬවල් ඇසෙන බව වාර්තා වේ. මීට අමතරව, අරාක් (Arak) නුවර පිහිටි ඉරානයේ ප්‍රධානතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව (IRALCO) ද ඒකාබද්ධ හමුදා ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර මාලාවත් සමඟ පකිස්ථානය විසින් ඉල්ලා සිටි “සති දෙකක සහන කාලය” පිළිබඳ බලාපොරොත්තු අඩුවෙමින් පවතින අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ කාලසීමාව නිල වශයෙන් අවසන් වූ පසු තත්ත්වය මීට වඩා දරුණු විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: officialrnintel, NBC නිව්ස් සහ mario nawfal(x) ඇසුරින්














