නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු බේමූල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු රහස් තොරතුරක් මත බේමූල්ල පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67ක් සහ මිලිලීටර් 500ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙය බෝතල් 90කට ආසන්න ප්‍රමාණයකි.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන බේමූල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. බේමූල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














