ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දින කළුපැල්ලේගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ ගොඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු රහස් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 105ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එය බෝතල් 140කට ආසන්න ප්‍රමාණයකි. මීට අමතරව නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ‘ගොඩා’ ලීටර් 1260ක් බැරල් 7ක බහා තිබියදී සොයාගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














