පොල්ගහවෙල පොලිස් වසමට අයත් පොල්ගහවෙල – පානදූර මාර්ගයේ පල්ලේගොඩ අරාව හන්දිය අසලදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් යතුරුපැදිකරු සහ පාපැදිකරු බරපතළ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් වයස අවුරුදු 41 සහ 60 යන වයස්වල පසුවන පොල්ගහවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














