දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට දායක වෙමින් විදුලංකා පීඑල්සී (Vidullanka PLC) සමාගම රුපියල් ලක්ෂ 25 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගයට අදාළ චෙක්පත විදුලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් සන්ගානි මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී. එම අවස්ථාව සඳහා විදුලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ රොෂාන් සිරිවර්ධන, මානව සම්පත් කළමනාකාර රාජිත සමරසිංහ සහ ආයතනික සන්නිවේදන විධායක අෆ්රා බහවුඩීන් (Afrah Bahaudeen) යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.














