එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග සැමවිටම ගැටුම් අවම කිරීම සඳහා යොමු විය යුතු අතර, අනවසර හමුදා ක්‍රියාමාර්ග කිසිසේත්ම නීත්‍යනුකූල නොකළ යුතු බව චීනය අවධාරණය කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කෙටුම්පත් යෝජනාවක් පිළිබඳව ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව චීනයේ නිත්‍ය නියෝජිත ෆු කොං (Fu Cong) මහතා මේ බව ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලය තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමට හෝ කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න වන අයුරින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම කෙටුම්පත් යෝජනාව සඳහා ආරක්ෂක මණ්ඩලයේ රටවල් 11 ක් පක්ෂව ඡන්දය ලබා දුන් අතර, පාකිස්ථානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කෙසේ වෙතත්, ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය (Veto Power) හිමි ස්ථිර සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වූයේ නැත.














