ප්‍රමුඛ පෙළේ කොරියානු වාහන සන්නාමයක් වන කියා (Kia), කොළඹ පිහිටි සුප්‍රසිද්ධ අල්ටෙයාර් උස් මහල් ගොඩනැගිල්ලේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් මෙරට ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. 2026 අප්‍රේල් 7 වනදා මාධ්‍ය වෙත නිල වශයෙන් නිරාවරණය කරන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය අල්ටෙයාර් ගොඩනැගිල්ලේ වර්ග අඩි 2,700 ක ප්‍රීමියම් ඉඩකඩක ස්ථාපිත කර ඇත.
කියා මෝටර්ස් ලංකා සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා ප්‍රකාශ කළේ කොළඹ නගරයේ පාරිභෝගිකයින් වෙත වඩාත් සමීප වෙමින් ඉහළ සේවාවක් සැපයීම මෙම නව ප්‍රදර්ශනාගාරයේ අරමුණ බවයි. කියා සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති මෙහිදී පාරිභෝගිකයින්ට නවීන අත්දැකීමක් ලබාගත හැකිය.
මෙම සමාරම්භක උත්සවයේ විශේෂත්වය වූයේ කියා සමාගමේ ප්‍රථම ඩබල් කැබ් රථය වන ‘Kia Tasman’ රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමයි. ටැස්මන් රථයට අමතරව කියා සන්නාමයේ අනෙකුත් සියලුම වාහන මාදිලි ද මෙම නව ප්‍රදර්ශනාගාරයේදී අත්විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙමගින් කොළඹ නගරයේ මෝටර් රථ ලෝලීන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට කියා සමාගම අපේක්ෂා කරයි.














