ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබේ.
එම ධුරයේ කටයුතු කළ අර්ජුන හේරත් මහතා පෞද්ගලික හේතූන් මත 2026 ජනවාරි 31 වන දින එම තනතුරෙන් ඉල්ලා අස්වන බව මීට පෙර නිවේදනය කර තිබූ අතර, ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා සුලක්ෂණ ජයවර්ධන මහතා මෙලෙස පත් කර ඇත. නව ආර්ථික පරිවර්තන පනත යටතේ ආයෝජන මණ්ඩලයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඉදිරි ආයෝජන ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම නව පත්වීම තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














