ලෝක වෙළෙඳපොළේ රන් සහ රිදී මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් අද (08) වාර්තා වී තිබේ. ඒ අනුව රන් මිල 2.3% කින් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66 ක් ලෙස සටහන් විය. රන් මිලට සමගාමීව රිදී මිල ද 4.3% ක ඉහළ යාමක් පෙන්වමින් රිදී අවුන්සයක මිල ඩොලර් 76.08 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මිල විචලනය කෙරෙහි ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සඳහා සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළේ මෙම වෙනස්කම් සිදුව තිබේ.
කෙසේ වෙතත්, රන් මිල ඉහළ ගිය ද පවතින ගෝලීය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි යම් පහළ යාමක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ.















