අද (08) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. මෙම නිවේදනය අද මධ්‍යහ්න 12:00 ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස 1:00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














