මෙවර යල කන්නය සඳහා අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් තොග පවතින බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි. ඒ අනුව ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ඔහු සඳහන් කළේය.
පොහොර මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,900ත් 10,200ත් අතර පාලන මිලකට ගොවීන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. රජය නියම කළ මෙම මිල ගණන් ඉක්මවා වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අඛණ්ඩව වැටලීම් සිදු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














