කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් අද (08) දහවල් සොයාගෙන තිබේ. නෝර්වුඩ්, බගවන්තලාව සහ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි නෝර්වුඩ් පාලමට පහළින් මළ සිරුරක් පාවෙමින් පවතින බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත නෝර්වුඩ් පොලීසිය මෙම මෘත ශරීරය සොයාගෙන ඇත.
මෙතෙක් මෙම මියගිය කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වී නොමැති බව නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සිරුර පිළිබඳ මූලික විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නියමිතය.













