ශ්‍රී ලංකා මහ බැංකුව අද (08) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයට වඩා තවදුරටත් අගය අගය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.72 සිට රුපියල් 311.53 දක්වා පහත බැස ඇති අතර, එහි විකුණුම් මිල ද රුපියල් 319.25 සිට රුපියල් 318.97 දක්වා පහත වැටී ඇත.
කෙසේ වෙතත්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුවද, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් විදේශීය මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය යම් ප්‍රමාණයකින් පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මෙම විනිමය අනුපාත වෙනස් වීම් මෙරට ආනයන අපනයන ක්ෂේත්‍රයට මෙන්ම විදේශ ප්‍රේෂණ කෙරෙහි ද සෘජුව බලපානු ඇත.














