ඉරානය දෙසින් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් ආරක්ෂක පද්ධති මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට ඇසුණු ප්‍රබල පිපිරුම් හඬවල්, එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉරානය දෙසින් පැමිණි බැලිස්ටික් මිසයිල සහ කෲස් මිසයිල අහසේදීම විනාශ කිරීමේ ප්‍රතිඵලයක් බව නිල ප්‍රකාශයක දැක්වේ. ඉරානය සහ ඇමරිකාව අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක මෙම ප්‍රහාර වාර්තා වීම කලාපීය ආතතිය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධාරණය කරන්නේ ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සිය ආරක්ෂක අංශ පූර්ණ සූදානමින් සිටින බවත්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්ය. කලාපයේ පවතින අස්ථාවරත්වය හමුවේ ආරක්ෂක විධිවිධාන උපරිම මට්ටමින් පවත්වා ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.













