මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සුරතල් සත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා ප්‍රධාන පෙළේ වංචනික මෙහෙයුමක් අනාවරණය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) අද (08) සමත් විය.
නිලධාරීන් විසින් සිදු කළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ, සතුන්ගේ කේඩෑවන් (Ticks) සහ චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බටහිර ඖෂධ වර්ග, ආයුර්වේද නිෂ්පාදන සමඟ මිශ්‍ර කර “100% ස්වභාවික ආයුර්වේද නිෂ්පාදන” ලෙස වෙළඳපොළට නිකුත් කර ඇති බවයි.
පාරිභෝගිකයින් නොමග යවන සුළු ලේබල භාවිත කරමින්, මෙම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ශාකසාර ප්‍රතිකාර බවට හැඟවීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ. සුරතල් සතුන් සඳහා ඖෂධ මිලදී ගැනීමේදී “100% ස්වභාවික” හෝ “ශාකසාර” යන ලේබල පිළිබඳව පමණක් විශ්වාසය නොතබන ලෙසත්, නිෂ්පාදනවල අනුමැතිය සහ සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.













