මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා හෙට (09) සිට විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරීන් නිවේදනය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරිණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේ අප්‍රේල් 09 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹින් බැහැරට යන මගීන් වෙනුවෙන් ද, අප්‍රේල් 15 සිට 21 දක්වා නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක වන බවයි. මේ වෙනුවෙන් අමතර බස් රථ 1,500ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති අතර, එම කාලය තුළ ලක්ෂ දෙකහමාරක පමණ මගී පිරිසක් සේවා ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ බැස්ටියන් මාවත, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාවන් ක්‍රියාත්මක වන බවයි. මගී ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සහාය ලබාගෙන ඇති අතර, බැස්ටියන් මාවත පර්යන්තයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් ද ඉහළ නංවා තිබේ. මීට අමතරව, දුම්රිය දෙපාර්තමේන්තුව ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර රැසක් කාලසටහනට එක් කර ඇති බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.













