බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරු-මැද යන පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයට ද බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.
හෙට (අප්‍රේල් 09) දිනය සඳහා වලංගු වන මෙම නිවේදනයට අනුව, දිස්ත්‍රික්ක 21ක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමුකළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීමෙන් තෙහෙට්ටුව ඇති විය හැකි අතර, දිගින් දිගටම ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් මස්පිඬු පෙරළීමේ (Heat cramps) අවදානමක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.













