ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ සති දෙකක සටන් විරාමයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පුරෝකථනයන් පහත හෙළීමට ගෝල්ඩ්මන් සැක්ස් බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව 2026 වසරේ දෙවන කාර්තුව සඳහා බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට පෙර පැවති ඩොලර් 99 සිට ඩොලර් 90 දක්වා පහත වැටෙනු ඇති බව ඔවුන් පවසයි.
සටන් විරාමයත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය යළි ආරම්භ වීමේ බලාපොරොත්තුව මත මෙම සතිය තුළ තෙල් මිල 11% කින් පමණ පහත වැටී ඇත. කෙසේ වෙතත්, සටන් විරාමය බිඳ වැටී මැදපෙරදිග තෙල් නිෂ්පාදනය අඩාල වුවහොත් වසර අග වන විට බැරලයක මිල ඩොලර් 115 දක්වා නැවත ඉහළ යා හැකි බවට ද බැංකුව අනතුරු අඟවයි.














