බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (BCB) නව සභාපතිවරයා ලෙස එරට හිටපු සුපිරි පිතිකරු සහ නායකයෙකු වන තමිම් ඉක්බාල් පත් කිරීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබේ. අමිනුල් ඉස්ලාම්ගේ සභාපතිත්වයෙන් පැවති හිටපු විධායක කමිටුව විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත නව අතුරු කමිටුවේ නායකත්වය තමිම් ඉක්බාල් වෙත හිමිව ඇත.
දැනට 37 වැනි වියේ පසුවන තමිම් ඉක්බාල්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි. ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තලයේ ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනමය වෙනසක් සිදු කිරීම මෙම පත්කිරීමේ මූලික අරමුණ බව පෙනී යයි. ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වන ඔහු යටතේ එරට ක්‍රිකට් අනාගතය නව මාවතකට යොමු වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අපේක්ෂා කරති.














