ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම එකඟතාවය ඉරානය විසින් උල්ලංඝනය කළහොත්, මින් පෙර කිසිදා නොදුටු ප්‍රබල ප්‍රහාරයක් යළි ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ එකඟතාවය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් ඇමරිකානු යුද නැව්, ගුවන් යානා සහ සෙබළුන් ඉරානය අවට රැඳී සිටින බවයි.
ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ ස්ථිර සාම ගිවිසුමකට එළඹීම “අසාධාරණ” බවට ඉරානය කළ ප්‍රකාශයත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන තිබේ. විශේෂයෙන්ම ඉරානයේ යුරේනියම් සාරවත් කිරීමේ වැඩපිළිවෙළ සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවය අතර තවමත් දැඩි මතභේද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














