අනුමත මගී ධාරිතාව ඉක්මවා යමින් පුද්ගලයන් 14 දෙනෙකු එකවර ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරෙකු කොස්ලන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ලන්ද සිට තෙල්දෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පාසල් සිසුන් සහ වැඩිහිටියන් පිරිසක් අතිශය අනතුරුදායක ලෙස ගමන් කරමින් සිටි බව පොලිසිය පවසයි.
අදාළ පිරිස අතර 8, 9 සහ 10 ශ්‍රේණිවල පාසල් සිසුන් සහ සිසුවියන් සිට ඇති අතර, ඔවුන් පාසල් නිමවී නිවෙස් බලා යමින් සිටියදී මෙම පරීක්ෂාවට ලක්ව ඇත. රථවාහන නීති උල්ලංඝනය කරමින් මගීන්ගේ ජීවිත අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඔහුට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.
















