තඹුත්තේගම, මල්වානේගම ප්‍රදේශයේදී මුණුපුරා විසින් එල්ල කළ පොලු පහරකින් 82 හැවිරිදි මිත්තණියක ඝාතනයට ලක්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. ඊයේ (08) උදෑසන කාලයේදී ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට සම්බන්ධ 23 හැවිරිදි මුණුපුරා මේ වන විට තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තඹුත්තේගම රෝහලේ තන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














