රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර තිබූ පුද්ගලයන් දෙදෙනෙකු එම ඇප තබා නොමැති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් මහේස්ත්රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.
තිළිණි ප්රියමාලි ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩු කැඳවූ අවස්ථාවේදී තවත් සැකකරුවන් කිහිපදෙනෙකුද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති අතර, ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිට තිබෙනවා.
මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජානකී සිරිවර්ධන වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, උන්වහන්සේට විදෙස්ගත වීමටද අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.
තිළිණි ප්රියමාලි ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31 වැනිදා යළි කැඳවන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
















