උතුරු පළාතේ කලාකරුවන්ගේ නිර්මාණශීලී දක්ෂතා ඇගයීම සහ පළාතට ආවේණික සාම්ප්‍රදායික කලා හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම අරමුණු කරගත් උතුරු පළාත් සංස්කෘතික උළෙල ඊයේ (29) යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල ආරම්භ කර තිබෙනවා.
උතුරු පළාතට ආවේණික පාරම්පරික නාට්‍ය, සාම්ප්‍රදායික සංගීතය, සංස්කෘතික නර්තන ඇතුළු විවිධ කලා අංග රැසක් මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, හින්දු, සිංහල, කතෝලික සහ මුස්ලිම් ජන සමාජයන්ට ආවේණික සංස්කෘතික අංග ඇතුළත් විශේෂ පෙරහැරක්ද යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා.
ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික නර්තන හා කලා ප්‍රසංග මගින් නව පරපුරේ කලා දක්ෂතාද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා.
එමෙන්ම උතුරු පළාතේ කලාව හා සංස්කෘතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන් වෙත විශේෂ සම්මාන ප්රදානය කිරීමද මෙහිදී සිදුකර තිබෙනවා.
විවිධ ජන සමාජයන්ගේ සංස්කෘතික උරුමයන් හා කලා සම්ප්‍රදායන් එකම වේදිකාවකට ගෙන ඒම සහ ඒවා අනාගත පරපුර වෙත දායාද කිරීමද මෙම සංස්කෘතික උළෙලේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
















