එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇති බව සඳහන්.
එම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද ඇප කොන්දේසි පනවා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ඇප නියෝගය අදාළ වන්නේ එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ එක් නඩුවකට පමණක් වන බැවින්, වෙනත් නඩු හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
එයාර්බස් ගනුදෙනුවට අදාළ තවත් නඩුවකදී ඔහු ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදීද නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.















