ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් කොන්දොස්තරවරුන් සිදුකරන විවිධ අක්‍රමිකතා සහ මූල්‍ය වංචා හේතුවෙන් දිනකට රුපියල් මිලියන 20කට ආසන්න මහජන මුදලක් අපතේ යන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අනාවරණය කරයි. උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ බස් රථ පමණක් නොව, ලංගමයේ සමස්ත පරිපාලනය සහ මානව සම්පත් ව්‍යුහයම මේ වන විට විනාශ වී ඇති බවයි.
මෙම අර්බුදය මධ්‍යයේ වුවද, ලංගමය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට පැතිර යන කටකතා අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. “අපි ලංගමය විකුණන්නේ නැහැ, අපි එය දියුණු කරනවා” යනුවෙන් පැවසූ ඔහු, ආයතනයේ කාර්යක්ෂමතාව සහ වගවීම ඇති කිරීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට පොරොන්දු විය. දූෂණයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, අලුත් වන ක්‍රමවේදයන්ට අනුව හැඩගැසීමට අකමැති නිලධාරීන් සහ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














