නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනී රුවන්ති දෙල්පිටිය මහත්මිය, නේපාලයේ නව අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා හමුවී සුබ පැතුම් එක් කර තිබේ. මෙම හමුව සිදුවූයේ කත්මණ්ඩු නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී (Singha Durbar) වන අතර, එහිදී විදේශීය තානාපති දූත පිරිස් එක්ව නව අග්‍රාමාත්‍යවරයා වෙත සිය ගෞරවය පුද කර ඇත.
පසුගියදා නේපාලයේ පැවැති මැතිවරණයෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා තානාපතිනිය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ඇය මෙහිදී අවධාරණය කළාය.














