අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා වටයකට සහභාගී වීමට ඉරාන නියෝජිත පිරිසක් අද (අප්‍රේල් 09) රාත්‍රියේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණීමට නියමිතය. පකිස්ථානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගඩම් (Reza Amiri Moghadam) මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.
ඊශ්‍රායලය විසින් සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉරාන මහජනතාව තුළ දැඩි සැකයක් සහ අසහනයක් පවතින පසුබිමක වුවද, ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය පදනම් කරගනිමින් මෙම සාකච්ඡා පැවැත්වෙන බව තානාපතිවරයා සඳහන් කළේය. පකිස්ථානය මෙම සාකච්ඡාවලදී ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කලාපීය සාමයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මෙම ඉරාන දූත පිරිසේ පැමිණීම ඉදිරි සති දෙකක සටන් විරාමය තහවුරු කර ගැනීමට සහ ස්ථිර සාමයකට මඟ පාදා ගැනීමට තැබූ තීරණාත්මක පියවරක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරති.














