ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (09) දින සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව වාර්තා වේ. ඊයේ දිනට සාපේක්ෂව බැංකු කිහිපයක ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර තවත් බැංකු කිහිපයක එම අගයන් සුළු වශයෙන් පහත වැටී තිබේ. කෙසේ වෙතත්, වෙළඳපොළේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 318 සීමාවේ නොවෙනස්ව පවතින බව බැංකු වාර්තා පෙන්වා දෙයි.
සෙලාන් බැංකුවේ මිල ගණන් නොවෙනස්ව පවතින අතර, NDB, මහජන බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකුවල ගැණුම් සහ විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. මීට ප්‍රතිවිරුද්ධව, කොමර්ෂල් බැංකුවේ මිල ගණන් සුළු පහත වැටීමක් පෙන්නුම් කරයි. අද දින IMF මාණ්ඩලික මට්ටමේ එකඟතාවට අත්සන් තැබීමට නියමිත පසුබිමක, විදේශ විනිමය වෙළඳපොළේ මෙම ස්ථාවරත්වය ආර්ථික වශයෙන් වැදගත් වේ.














