නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාපරාධී විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉල්ලා සිටී. එම සන්ධානයේ සභාපති වෛද්‍ය සංජීව මහතා විසින් ඊයේ (08) දින මේ පිළිබඳ නිල ලිඛිත පැමිණිල්ලක් භාර දෙන ලදී.
විගණකාධිපති වාර්තාව මගින් ද මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පවතින අක්‍රමිකතා තහවුරු වී ඇති බවත්, මෙය අහඹු සිදුවීමක් නොව සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ බාල ඖෂධ ජාවාරමට වඩා වැඩි මූල්‍ය හානියක් (රුපියල් මිලියන 20ක් පමණ) මෙමගින් සිදුව ඇති බවට ඔහු චෝදනා කරයි.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා විදුලි ගාස්තු ඉහළ යාම, විදුලි විසන්ධි වීම් වැනි ආර්ථික බලපෑම්වලට අමතරව, එහි අඩංගු අධික රසදිය මට්ටම නිසා පරිසරයට හා මහජන සෞඛ්‍යයට දරුණු තර්ජනයක් එල්ල වන බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය. මීට පෙර ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ද මෙතෙක් නිසි විමර්ශනයක් සිදු නොවූ බවත්, ස්වාධීන වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල සහයෝගය ඇතිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














