පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (08) දිනය තුළ පමණක් සැකකටයුතු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව එම මෙහෙයුම්වල ප්‍රගතිය මෙසේය:
ඊයේ දින තුළ පුද්ගලයින් 27,326 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 650 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 18 දෙනෙකු ද, විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් 256 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී කොටු කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩි පියවර ගෙන ඇති අතර, බීමත් රියදුරන් 134 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සමස්තයක් ලෙස රථවාහන වැරදි 4,315ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
















