මූල්‍ය අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය (Money Laundering) පිළිබඳ චෝදනා මත නේපාලයේ හිටපු අගමැති ෂර් බහදූර් දෙව්බා සහ ඔහුගේ බිරිඳ වන හිටපු විදේශ අමාත්‍ය අර්සු රානා දෙව්බා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය අද (අප්‍රේල් 09) වරෙන්තු නිකුත් කර තිබේ. 79 හැවිරිදි දෙව්බා මහතා පස් වතාවක් නේපාලයේ අගමැති ධුරය හෙබවූ ප්‍රබල දේශපාලනඥයෙකි.
දැනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින දෙව්බා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙය තමාට සහ තම පවුලට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බව පවසා ඇත. නේපාල බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් (Interpol) සහාය ලබා ගැනීමට ද සූදානම් වන බව වාර්තා වේ.
මෙම වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මෑතකදී පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ 35 හැවිරිදි රැප් ගායකයෙකුගෙන් දේශපාලනඥයෙකු බවට පත්වූ බැලේන්ද්‍ර ෂා (Balendra Shah) ගේ නව රජය බලයට පත්වී මාසයකට පසුවය. දූෂණය පිටුදැකීමේ දැඩි ප්‍රතිපත්තියක් මත බලයට පත්වූ නව රජය යටතේ මෙලෙස ප්‍රබල දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.














