ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කුඩා ගුවන් තොටුපළක සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරනා (Marana) නගරයේ පිහිටි මෙම ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගිය ගුවන් යානයක් ගිනි ගැනීමට ලක්වීමෙන් මෙම මරණ සිදුව ඇති බව නගරාධිපති ජෝන් පෝස්ට් තහවුරු කර ඇත.
අනතුර සිදුවූ වහාම මරනා පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) වෙත පවරා තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, යානය ගිනි ගැනීමට බලපෑ තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් පිළිබඳව බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














