දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ නවතම ප්‍රගතිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කර තිබේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 162ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 284ක් සහ ගංජා කිලෝග්‍රෑම් 33කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ගංජා පැළ 10,035ක්, මත්පෙති 1,161ක් සහ ‘මාවා’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ දින තුළ පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 832 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුකරන ලද මුළු වැටලීම් සංඛ්‍යාව 836කි. අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, පුද්ගලයින් පස් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ප්‍රජාව බලගැන්වීම හරහා මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














