කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය වන දැවැන්ත ගණනය කිරීමේ බලය (Computing Power) සපයා ගැනීමට පවතින බාධාවන් අවම කිරීම සඳහා චීනය සිය ප්‍රථම මුහුදු පතුලේ දත්ත මධ්‍යස්ථානය (Undersea Data Centre) ෂැංහයි වෙරළට ඔබ්බෙන් ආරම්භ කර තිබේ. මෙය සෘජුවම සාගර සුළං බලශක්ති පද්ධතියකට (Offshore wind power) සම්බන්ධ කර ඇති ලොව ප්‍රථම දත්ත මධ්‍යස්ථානය ලෙස ද වාර්තා වේ.
Shanghai HiCloud Technology සමාගම විසින් ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය ෂැංහයි නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර් 10ක් ඈතින්, මීටර් 10ක් ගැඹුරු මුහුදු පතුලේ ස්ථාපනය කර ඇත. යුවාන් බිලියන 1.6ක ආයෝජනයකින් ඉදිකර ඇති මෙහි ධාරිතාව මෙගාවොට් 24කි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මුහුදු ජලය ස්වභාවික සිසිලන කාරකයක් (Cooling agent) ලෙස ක්‍රියා කිරීම නිසා විදුලි පිරිවැය සහ පරිසර හානිය අවම කර ගැනීමට හැකි වීමයි.
ෂැංහයි වැනි ගොඩබිම ඉඩකඩ සීමිත නගරවල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේදී පවතින ඉඩම් සහ බලශක්ති ගැටලුවලට මෙය සාර්ථක විකල්පයක් වනු ඇතැයි විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, මුහුදු පතුලේ ඇති උපකරණ නඩත්තු කිරීමේ අපහසුව සහ ඒ සඳහා වන අධික පිරිවැය මෙහි පවතින ප්‍රධාන අභියෝගයන් ලෙස හඳුනාගෙන ඇත.














