කඳාන, මෝරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ වැටලීමකදී, මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද දුම්වැටි 60,000කට අධික ප්‍රමාණයක් සහ විදේශීය මත්පැන් බෝතල් රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කඳාන පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී, තීරුබදු රහිත දුම්වැටි 64,800ක් සහ වලංගු බලපත්‍ර නොමැති විදේශීය මත්පැන් බෝතල් 137ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.
මෙම භාණ්ඩ තොගය ජාවාරම් කිරීමේ අරමුණින් සන්තකයේ තබා ගත්තේද යන්න පිළිබඳව කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














