ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ඊයේ (08) එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකදී එහි සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.
බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ අදාළ කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඊශ්‍රායලය විසින් මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයට එල්ල කළ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
කලාපය තුළ පවතින මෙම දැඩි යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටියි.














