කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ රහසිගතව සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 452කට අධික තොගයක් සොයා ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (08) සවස ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී පාර්සල් 13ක අසුරා තිබූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීඩි කොළ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන්නට ඇති බවට සැක කෙරෙන අතර, අදාළ භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දී තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පලාගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කල්පිටිය පොලිසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.















