එළඹෙන උත්සව සමය තුළ ගිනිකෙළි භාවිත කිරීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, අවට සිටින ජනතාවට හිරිහැරයක් නොවන අයුරින් කටයුතු කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමේදී අන් අයට කරදරයක් නොවන පරිදි වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පොලිසිය මෙහිදී අවධාරණය කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ උත්සව සමයේ සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේදී ද පොලිසිය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීමට සංවිධායකයින් වගබලා ගත යුතු බවයි. මහජන සාමය සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.














