ලොව ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ සමාගමක් වන Check Point Software Technologies, ව්‍යාපාරික ආයතන තුළ භාවිත වන කෘතිම බුද්ධි (AI) පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා “Check Point AI Defense Plane” නමැති නවතම ආරක්ෂණ මෘදුකාංගය හඳුන්වා දී තිබේ. වර්තමානය වන විට AI පද්ධති හුදෙක් තොරතුරු ලබා දීමෙන් ඔබ්බට ගොස්, ස්වාධීන ඒජන්තවරුන් (AI Agents) ලෙස දත්ත හැසිරවීම සහ විවිධ කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කිරීම ආරම්භ කර ඇති බැවින්, එම ක්‍රියාවලීන් නිරීක්ෂණය කර ආරක්ෂාව සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි.
AI පද්ධති මඟින් සිදුවන මිලියන ගණනක අන්තර්ක්‍රියා විශ්ලේෂණය කරමින්, සැබෑ කාලීන තර්ජන හඳුනා ගැනීමට මෙයට හැකියාව පවතී. භාෂා 100කට අධික සංඛ්‍යාවකින් සිදුවන ගනුදෙනු නිරීක්ෂණය කරමින්, මිලි තත්පර 50කට අඩු කාලයකදී ආරක්ෂක පියවර ගැනීමට මෙයට හැකි වීම විශේෂත්වයකි.
AI තාක්ෂණය භාවිතයෙන් එල්ල වන සයිබර් ප්‍රහාර වළක්වා ගැනීමට මෙන්ම, ආයතනයක සේවකයින්, යෙදුම් (Applications) සහ AI ඒජන්තවරුන් පද්ධති සමඟ සම්බන්ධ වන ආකාරය පාලනය කිරීමට අවශ්‍ය මධ්‍යගත පාලන ඒකකයක් (Control Plane) ලෙස මෙය ක්‍රියා කරයි.
Check Point සමාගමේ AI ආරක්ෂණ අංශයේ උප සභාපති ඩේවිඩ් හාබර් පවසන්නේ, වර්තමානයේ AI යනු හුදෙක් අන්තර්ගතයන් නිර්මාණය කරන මෙවලමක් පමණක් නොව පද්ධති ක්‍රියාත්මක කරන සජීවී ඒකකයක් බවයි. එබැවින්, AI පවසන දේට වඩා AI මඟින් සිදු කළ හැකි දේ පාලනය කිරීම ආරක්ෂාව අතින් අතිශය තීරණාත්මක වන අතර, මෙම නව පද්ධතිය එම පාලනය ආයතන වෙත ලබා දෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














