මෙවර අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගම්බිම් බලා යන මගීන් සඳහා අතිරේක බස් රථ යොදවා ඇති බවත්, අවසන් මගියා දක්වාම ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් මාකුඹුර බස් පර්යන්තයේ සහකාර කළමනාකරු ඩී.එම්. වෙත්තසිංහ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් සභාව එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
මාකුඹුර බස් නැවතුමෙන් අලුයම 05 සිට බස් රථ ධාවනය ආරම්භ වන අතර, මගී තදබදය අවම කර ගැනීමට හැකිතාක් වේලාසනින් පැමිණෙන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මගීන්ට පැමිණීමට පෙර 0112034474 යන දුරකථන අංකය ඇමතීමෙන් බස් රථ කාලසටහන පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














