ඉරාන-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට, ගත වූ පැය 24 තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් සීමාව තුළ කිසිදු සතුරු ප්‍රහාරයක් වාර්තා නොවූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අද දිනයේදී ඉරානයේ සිට එල්ල වූ බැලස්ටික් මිසයිල, කෲස් මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර කිසිවක් එමීර් රාජ්‍යයට එල්ල වී නොමැත.
යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා එමීර් රාජ්‍යය වෙත එල්ල වූ බැලස්ටික් මිසයිල 537ක්, කෲස් මිසයිල 26ක් සහ ඩ්‍රෝන යානා 2,256ක් සාර්ථකව විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත. මෙම ආරක්ෂක මෙහෙයුම් සඳහා ඇමරිකානු නිෂ්පාදිත තාඩ් (THAAD) සහ පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක පද්ධති ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.
අද දිනයේ නව තුවාල ලැබීම් හෝ මරණ වාර්තා වී නොමැති අතර, යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා විවිධ ජාතීන් 31කට අයත් පුද්ගලයන් 224 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් ආරක්ෂක අංශ තහවුරු කරයි. දැනට පවතින සති දෙකක තාවකාලික සටන් විරාම වාතාවරණය මධ්‍යයේ එමීර් රාජ්‍යයේ අහස මෙලෙස සාමකාමීව පවතින බව වාර්තා වේ.
මුලාශ්‍රය – @modgovae / RN Intel / Al Arabiya














