දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටුවා ඇති රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය (FTZMA) විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. ඊට අදාළ චෙක්පත එම සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් M. H. Z. M. Marzook මහතා සහ විධායක කමිටු සාමාජිකයන් වන චාන්දනී ඒකනායක සහ ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කරවීමට සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මෙම දායකත්වය ලබා දී ඇත.














