පාසල් පද්ධතිය තුළ සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ සැමරුම් සඳහා අධික ලෙස මුදල් වැය කරන බවට වාර්තා වී ඇති බැවින්, එවැනි කටයුතු ඉතාමත් චාම් අයුරින් සහ අවම වියදමකින් සිදු කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. මෙවැනි අධික වියදම් සහිත උත්සව හේතුවෙන් දෙමාපියන් මත අමතර මූල්‍ය බරක් පැටවෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මීට පෙර ලබා දී ඇති උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරන බව පෙනී යන බැවින්, පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳ 54/2023 චක්‍රලේඛය සහ අනෙකුත් මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව පමණක් කටයුතු කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි. විශේෂයෙන්ම අවුරුදු උත්සව සහ අනෙකුත් සැමරුම් සංවිධානය කිරීමේදී සිසුන්ගේ සහ දෙමාපියන්ගේ ආර්ථික අපහසුතා පිළිබඳව සැලකිලිමත් වන ලෙස පාසල් බලධාරීන්ට වැඩිදුරටත් මතක් කර දී තිබේ.














