අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. සාකච්ඡා සඳහා සහභාගී වන නියෝජිතයන් නවාතැන් ගන්නා ‘සෙරීනා හෝටලය’ (Serena Hotel) කේන්ද්ර කරගනිමින් කිලෝමීටර් 3ක විශේෂ ආරක්ෂිත කලාපයක් ප්රකාශයට පත් කර ඇති අතර, එම කලාපයට සාමාන්ය ජනතාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් ද මේ වන විටත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටී. පවතින සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පකිස්තාන රජය බ්රහස්පතින්දා (අද) සහ සිකුරාදා (හෙට) යන දින දෙක ඉස්ලාමාබාද් අගනුවරට පමණක් බලපැවැත්වෙන පරිදි රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කර තිබේ.














