ඉරානය සමඟ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලය පුරා පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. මෙම තීරණයත් සමඟ, ආරක්ෂක හේතූන් මත තාවකාලිකව අත්හිටුවා තිබූ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ නඩු විභාගය එළඹෙන ඉරිදා (12) දින සිට යළි ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිකරණ කටයුතු සීමා කර තිබුණද, රටේ ආරක්ෂක වටපිටාව යම් මට්ටමකට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය වී ඇත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ වීම ඊශ්‍රායල දේශපාලන කරළිය තුළ දැඩි අවධානයට ලක්වන කරුණක් වනු ඇත.














