බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමෙන් පසු මෙවැනි දැවැන්ත පාඩුවක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව ඔහු පෙන්වා දෙයි.
හෙට (10) දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුව ඇති බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විවේචනයක් එල්ල කරයි.














