හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටි 16 හැවිරිදි සිසුන් සිව්දෙනෙකු අද (09) හල්දුම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් පානය කිරීම හේතුවෙන් එක් සිසුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අයහපත් වී ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














