නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය, නේපාලයේ අභිනව අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා හමු වී සුබපැතුම් එක් කර තිබේ. කත්මණ්ඩු නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගිය බදාදා මෙම සුහද හමුව පැවැත්වුණු අතර, ඒ සඳහා නේපාලයේ සිටින අනෙකුත් විදේශීය තානාපතිවරුන් ද සහභාගී වී ඇත.
එහිදී නේපාල මැතිවරණයේ සාර්ථකත්වය සහ අග්‍රාමාත්‍යවරයා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ තානාපතිනිය, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව යළිත් තහවුරු කළාය. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය නිල ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳව කරුණු වාර්තා කර තිබේ.














